Follow by Email

Thursday, 11 May 2017

සටන ඇඹරේ ..( බ්ලොග් වසන්තයේ චන්ද සටන උණුසුම් වන ලකුණු)



අපි පොඩි කාලේ  අපේ ගෙදර සිදුවු චන්ද ව්‍යාපාරයක් ගැන කිව්වා ඔබට මතක ඇති.

බෝතලය සහ පනාව චන්ද ලකුණු යටතේ පැවැත්වුණ ඒ "පුංචි චන්දය" එදා කෙළවර වුණේ ගුටිකෙලියක්ද සමගිනි.

දැන් උදාවී ඇති "බ්ලොග් වසන්තයේද" එවැනිම චන්ද ව්‍යාපාරයක් පැවැත්වෙමින් තිබේ.

"පනා බෝතල් චන්දය " මෙන් සෙල්ලං චන්දයක් නොවන මෙහි අඩුම තරමින් අටමා වැනි හොඳට පදම් වූ බ්ලොග් කරුවන්ද සිටිති.

මේ මස 17 වෙනිදා වෙනතෙක් පැවත්වෙන එහි ප්‍රධාන සටන් කරුවෝ තිදෙනෙක් මේ දක්වා කැපී පෙනෙති.

"සොඳුරු අතීතයෙන් බිඳක් ගෙනෙන මමත් , අටම්පහුර ලියන අටමාත් යාංහෑල්ල ලියන ශ්‍රංගයත් මේ සටනේ පෙරමුණේ සිටිති.

"අතීත කතා වලට චන්ද ගන්නවා.. "

"චාරයක් නැති කතා වලට චන්ද ගන්නවා... "

"ගොං පාර්ට් වලට චන්ද ගන්නවා ..."

වැනි අභූත චෝදනාද මේවාට එල්ල වෙමින් තිබේ .

තවත් සමහරු

"අපි වගේ දේශපාලන, දොස්තර වර්ජන, සයිටම්වගේ කාලීන ප්‍රශ්න නොලියන , හරියට ලියන්නවත් දන්නේ නැති අයත් පෙරමුණට ඇවිත් "

යයි නාහෙන් අඬති.

දේශපාලනය සහ මිනිසුන් ගේ මතිමතාන්තර අවුස්සන බ්ලොග් ලියන්නට සමත් "මහා බ්ලොග් කරුවෝ" ඇති තරම් සිටින නිසාත්,

රැපියල් අස්සේ අලුක්කාල් ගහනවා වැනි දේවල් අපට හුරු නැති නිසාත් අපි අපේ පාඩුවේ පොඩි "අතීත පාරක් " දාගෙන ඉන්නෙමු.

මේ "අතීත පාරෙ" ගමන්  කරන්නන්ද කිහිප පොලක් වෙති . මම , ශ්‍රංග වගේම ගොඩේ  කතා ලියන මේනකයාද මේ අතර සිටිති.

කොල්ලනි  මේ සමගි වෙන්නට වෙලාවයි. උඹලාගෙන් මනාපයක් මටත් දීලා අතීතය රජ කරවමු.

සොඳුරු අතීතයට ජයවේවා!!



දැන් එහෙනම් වැඩේට බහිමු

මෙන්න බ්ලොග් වසන්තයට මම ලියපු පොස්ට් තුන



1. අවුරුදු සුදානම (අවුරුද්දට කෙසෙල් ඉදවූ හැටි)

2. අපේ කුණු වල 

3. මිහිරි සිහිනයක දැවටුණු මිහිරි ගීතයක් වාගේ



බ්ලොග් වසන්තයේ


මේ  ලින්ක් එකෙන් ගිහින්  මුලින්ම  මම මේ කිව් මාතෘකා තුන උඩ ක්ලික් කරලා පල්ලැහැටම ගිහින්   VOTE කියන එක ක්ලික් කරන්න.