Follow by Email

Monday, 27 February 2017

දාන මාන අතර සපත්තු දාන



අපේ පුත්‍රයා සුපුන් ගේ උපන්දිනය යෙදෙන්නේ දෙසැම්බර් 24 වෙනිදට .

වෙන අවුරුදු වලනම් හොඳ සංගිතයක් එහෙම දාලා තමයි අපි ඒක සමරන්නේ.

ඒ අපේ පුත්‍රයාගේ කැමත්තට අනුව පළාතේ ඉන්න සිංහල කට්ටියට එහෙම එන්න කියලා.

ඒත් පසුගිය දෙසැම්බර් 24  අපි හිටියේ ලංකාවේ.

 වෙනදා කරන සංගිත සාජ්ජ වෙනුවට  මෙවර පුතාගේ උපන්දිනය වෙනුවෙන්  සපත්තු දානයක් දිය යුතුයැයි නිම්මී තිරණය කර තිබුණා.

ඇයගේ අදහස වුණේ සුපුන්ගේ උපන්දිනය වෙනුවෙන් පාසැල් ළමුන් පිරිසකට සපත්තු කුට්ටම බැගින් ලබා දිය යුතු බවයි.

මම නිම්මිගේ අදහස තාත්තාට කිව්වා.

ඒ අතරම මගේ වැඩි කැමැත්ත වැල්ලවාය  වැනි ප්‍රදේශයක  පාසැල්  ළමුන්ට සපත්තු අරන් දිමට බවත් මම තාත්තාට පැවසුවා.

අඹේගොඩ ළමා නිවාසයේ ළමයින්ට දානයක් දිය හැකි බවත් ඒ ගැන වැඩි විස්තර කතා කරගන්න අපේ පොඩි මස්සිනා වු විදු එහි යවන බවත් තාත්තා මට දැනුම් දුන්නා.

නොබෝ දිනකින් මට විදු ගෙන් ස්කයිප් ඇමතුමක්  ආවා.

"අය්යා මම අර දානේ ගැන ළමා නිවාසේ ලොක්කා එක්ක කතා කරා.

එයා කිව්වා 24 වෙනිදා දහයට දෙන තේ වේල අපිට දෙන්නම් කියලා .

එක ළමයෙකුට මයිලෝ පැකට් එකයි , ඩෝ නට් එකයී ගානේ දෙන්න කිව්වා."

"අක්කා නම් කැමති දවල් කෑම වේලත් එයාලට හදලා දෙන්න.

සුපුන්ගේ බර් ත් ඩේ කේක් එකත් එතනම කපන්න පුලුවන් ද බලන්න කිව්වා. "

හරි අය්යා මම ඒකත් අහලා බලන්නම් කෝ.

 හැබැයි ඔය කට්ටිය ඒකේ ඉන්න ළමයි එක්ක අපි කතාවට යනවට එහෙම කැමති නෑ. සමහර විට කේක් වැඩේට බෑ කියන්න ඉඩ තියෙනවා"

විදු මෙවැනි ප්‍රසිද්ධ දාන මාන වලට හරි කැමති බව මම දැන ගත්තේ ඔහු අපේ සමන්තලා කල

"කොස්ලන්දේ නාය යෑමෙන් විපතට පත් ළමුන්ට කල පොත් පත් බෙදා දීමට"

ඉතා උනනදුවෙන් සහභාගී වු චායාරූප දැකීමෙන්.

"විදු  එතකොට සපත්තු? ඒ ගැනත් ඇහුවද?"

ළමා නිවාසේ ලොක්කා  කිව්වා පුලුවන් නම් ලමයින්ට පංති වලට එහෙම දාන්න පටි සෙරෙප්පු කුට්ටම ගානේ අරන් දෙන්න කියලා.

 සපත්තු නම් නිතරම වගේ කට්ටිය අරන් දෙනවලු.

ඒ අනුව 40 දෙනෙක් වු ළමා නිවාසයේ නිවැසි ලමුන්ට දහයට තේ එකත්, පටිසෙරෙප්පු  ( Sandles) කුට්ටම බැගිනුත් ලබා දෙන්නට අපි තීරණය කලෙමු.

උපන්දිනයට තවත් දානයක් 


මේ අතර අපි ලංකාවට එනතෙක් නොඉවසිල්ලෙන් බලා  සිටි තව පවුලක් සිටියා.

ඒ ප්‍රියන්ත ඇලෙක්ෂැන්ඩ්‍රර් ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා. 

අප ලංකාවට පැමිණි පසු ඔවුන්ගේ නිවසට ( චමින්ද රාජපක්ෂ මා සහ මගේ හිත්වතුන් එක්වී සාදා දුන් මුල්ම නිවසට ) පැමිණෙන ලෙස ඉල් ලිමක් තිබුණා.    


එසේම ඔවුන් සමඟ   එක් වී එම නිවසේදී ආහාර වේලක් රස බැලීමට එක්වන ලෙසත් වු ඔවුන්ගේ ආරාධනය අප තිදෙනා  පිළිගෙන තිබුණේ කිසි පැකිලීමකින් තොරවයි. 

දිනක් මා බණ්ඩාරවෙල නිවසේ සිටිද්දී මට දුරකතන ඇමතුමක් ආවා.

ඇමතුම ඇලෙක්ස් ගෙන්

" චුටී මාමා අපි 24 වෙනිදාට සුපුන් බබාගේ උපන්දිනේ වෙනුවෙන්  අමුණුදෝවේ වැඩිහිටි නිවාසෙට දානයක් දෙනවා.

 එදාට බබයි , නෝනයි එක්කරගෙන එන්න.

හානේ ඇලෙක්ස් මොකට කරදර වෙනවද?  එදා උදේම අපිත් ළමා නිවාසෙට දානයක් දෙනවා.

ඉවර වෙනකොට එකොළහ දොළහ විතර වෙයි මයේ හිතේ. වෙලාවක් තිබුණොත් ඔයාලා වැඩේටත් එන්නම් කෝ."

 මම ඇලෙක්ස් ගේ හිත නොරිදෙන පරිදි උත්තර දුන්නා.

"ඒක තමයි මම ඊයේ සීයට එන්න කියන කොට වැඩක් තියෙනවා ඒක නිසා එන්න වෙන්නෙ නෑ කියලා කිව්වේ.
දානයක් කියලා නම් කිව්වේ නෑ හැබැයි "

(ඇලෙක්ස් මට මාමා සහ අපේ තාත්තාට සීයා කියා කීවත් අප ඔවුන්ගේ නෑදෑයින් නොවේ. 

ඔහුගේ බිරිඳ කලූ අපේ අසල්වැසි නිවසක හැදී වැඩුනු නිසා ඇය අප අමතන්නට පුරුදු වී සිටියේ මාමා නැන්දා වැනි නෑදෑකම් කියමිනි.)

"ආ තව දෙයක් තියෙනවා කියන්න . ඔන්න කලූ හෙට ඔයාල තුන්දෙනාට කෑම වේලක් දෙන්න ලෑස්තිය. චුටිමාමා , නැන්දා සුපුන් බබා එහෙම කැමති කෑම ජාති උයලා. කොල්ලු, අලකොල, කොස් , කරවල හොද්දක් එහෙම හදනවලු.

නෝනා කෙසෙල් කොලේ ඔතපු කෑම කන්න ආසයි කියලා එයා කෙසෙල් කොළ එහෙමත් කපලා ඔන්න"

දැන් ඇලෙක්ස්ලා ගෙන් ආරාධනා දෙකක්ම තිබේ. මම අපේ ගෙවල් වල අය කලබල නොකර මේ දෙකට යන හැටියක් සිතමින් එදා රත්‍රිය ගත කලෙමි.

පොතේ හැටියට 23 උදේ කලුගේ කෑම වේලත් , 24 සුපුන් ගේ උපන්දින සැමරීමත් යෙදී තිබේ. 

22 වෙනිදා නගරයට ගිය අප සුපුන්ගේ උපන්දින වෙනුවෙන් අවශ්‍ය කරන පටි සෙරෙප්පු ඇනවුම් කලේ නගරයේ DSI සාප්පුවෙනි.

නිම්මිත් මමත් එක්ක එහි ගිය තාත්තා ළමා නිවාසයේ ලමුන්ට අමතරව තවත් ළමුන් තිදෙනෙකුට පාසැල් සපත්තු අවශ්‍ය බව කියා සිටියේය.

අප මෑතකදි නිවෙස හදා ගැනීමට උදව් කල රංජිත් රාජපක්ෂ ගේ ළමුන් තිදෙනා වෙනුවෙනි.

අප දෙදෙනා සප්පුවේ මැනෙජර් අමග කුටු කුටු ගාණු දුටු නිම්මි ඒ  වන විටත් තරමක් සිත කලබළ කරගෙන සිටියාය. ඇයට නොදන්වා තාත්තා සහ මා විසින් රංජිත්ලාටත් සපත්තු දෙන්නට ප්ලන්ක් ගැසීම එයට හේතුවයි.


ඒ වැඩ ඉවර වී අප නිවසට එන විට කුස්සියේ එකම සද්දයකි.

අප නැති අතර  අපේ ගෙට පල්ලැහැ ගෙදර සිටි කලූලාගේ නැන්දා ඇලෙක්ෂ්ලා ආශ්‍රයට තරම් නොවටිනා පිරිසක් බවට ගතු කියා තිබුණා.   

ඒ අපේ අම්මා සහ  විදුගේ බිරිඳ ( අපේ පොඩි නංගී  )  සමඟ.

නගරයේදී අලු යට සඟවා තිබූ ගිණි පුපුරට පිදුරු වටෙන්නේ මේ වෙලාවෙදියි .

ඒ කුස්සියේ තිබූ සාකච්චා වටයට නිම්මීත් එකතු වීමත් සමගයි.

"පේනව නේද අක්කා ගෑණුන්ගේ හැටි ?   දෙන්න එපා  රිංගන්න එහෙම  ඔය එක එකාගේ ගෙවල් අස්සේ. 

අපේ චුටි අය්යටත් පිස්සුණේ ඔය කොල්ලන්ගෙයි බල්ලන්ගෙයි හැම එකාගෙම ගෙවල් වල යන්න.

ඉන්න බැරිද දන්නේ නෑ ඔය ලොකු අය්යා එහෙම වගේ අතන මෙතන ගෙවල් අස්සේ රිංගන්න යන්නේ නැතිව .

 මේ ගම්වල ඉන්න එවුන් ඔක්කොම එක වගේ හොඳයි කියලා කියන්න කෙනෙක් නෑ."

මේ අපේ පොඩි නංගී මම,  නිම්මී, සුපුන් ඇතුලු පවුලේ සැම  අප  විසින් සාදා දුන් නිවසට ගොඩ වැදීම වැලක්වීමට උත්සාහ කරමින්  පාවිච්චි කල  වචනයි.

සාකච්චාවේ උණුසුමත් සමග නිම්මී අලෙක්ස්ලා ගෙදර යෑම ප්‍රතික්ෂෙප කරන්නට තීරණය කරලා.

"මේ මම නම් එන්නෙ නෑ ඔස ගෙවල් වල මේ නංගිලා කියන කතා වල  ඇත්තක් අතිනේ?

ඔයා තාත්තා එක්ක ගිහින් ගෙවල් බලලා එන්න.

 මටත් හොරෙන් උදව් කරලා හදපු ගෙවල් නේ?

මම යන්නෙත් නෑ . ළමයා යවන්නෙත් නෑ. "

නිම්මී අපේ කට්ටියගේ ගැටයට හොඳටම අසු වී තිබේ.

මටත්  කල හැකි දෙයක් නොමැත.

අපේ මිනිසුන්ගේ ඉර්ෂ්‍යාව සහ කුහකම් වලට මා ලඟ ද බෙහෙත් නොමැත.

මම වහාම අලෙක්ස්ට දුරකතන ඇමතුමක් ගත්තෙමි.

"ඔන්න ඔයාලගේම නෑදෑයෝ අපේ ගෙදර ඇවිත් කේලම් කියලා අපේ  නෝනා අවුස්සලා.

අපිට හෙට කෑම උයන්න එපා කියලා ඔයාගෙ නෝනට කියන්න.

 අපිට එන්න වෙන්නේ නෑ."

එසේ පවසා අපේ ගෙදර අයගේ කටවල්  වැසූ මම කෙසේ හෝ සුපුන් වෙනුවෙන් ඇලෙක්ස්ලා දෙන වැඩිහිටි දානයට සහභාගී වන්නට තරයේ සිතා ගත්තෙමි.

24 වෙනිදා උදෙන්ම අඹේගොඩ ගිය සුදූ ඇතුලු පිරිස දානයට සුදානම් වෙද්දී නිම්මිත් මමත් රංජිත්ලා නිවසට ගොස් සපත්තු කුට්ටම් තුන ඔහුගේ ළමුන් තිදෙනාට ප්‍රදානය කලෙමු.

අනතුරුව ළමා නිවාසයේ දාන වෙලාවටම එහි ලඟා වු අප තිදෙනා එහි සිටි ළමුන්ට මයිලෝ පැකට් සහ ඩෝ නට් බෙදා දීමට සහභාගී වුනෙමු.

තේ වෙලාව අවසන් වෙත්ම පටි සෙරෙප්පු  බෙදා දෙමු ඇයි තාත්තා යෝජනා කලෙන් එයටද සහභාගී වු මම තව ටිකකින් අපි පොතුවිල් යන්න පිටත් වෙනවා යැයි තාත්තාට කීවෙමි.

(තවදුරටත් අපේ මහගෙදර නැවතී සිට මගේ සිත කලබළ කරගත යුතු නැතැයි සිතූ මම  දානය අවසන් වූ වහා ආරුගම්බේ වෙරලට යාමට තීරණය කර ගෙන සිටියෙමි. )

මේ අතර තුර හීල් ඔයේ සිටින මගේ පාසැල් මිතුරා මුණසිංහ ඇමතූ මම මා  හමුවීමටත් ඒ සමගම ඇලෙක්ස් හමුවීමටත් බලාගෙන හැකි ඉක්මනින් නගරයට එන්නැයි ඔහුට කීවෙමි.

නිම්මිත් මමත් වැඩිහිටි නිවාසයට 


සෙරෙප්පු දානය අවසන් වෙත්ම අපේ කට්ටිය සුපුන්ට උපන්දින තෑගි දෙන්න්ට පටන් ගත්හ. 

තෑගී බෝග වාහනයට දමාගත් අප තිදෙනා නැවතත් ගමනට බැස්සෙමු.

දැන් කොහෙද අපි යන්නේ?

නිම්මී මගෙන් ඇසුවාය.

ඇලෙක්ස්ලා දානෙට ගිහින් මුණසින්හත් මුණගැහිලා ආරුගම් බේ යනවා.

මම ඉතා කෙටි  එහෙත් ඉතා පැහදිලි පිළිතුරක් ඇයට ලබා දුන්නෙමි.

ඇලෙක්ස් ලා සංවිධානය කර තිබූ දානය මගේත් සුපුන්ගෙත් සිත් තදින් ඇද බැඳගත් එකක් විය.







 නිම්මිද එය කලින් දානයට වඩා උවමනාවකින් රස වින්දාය.

 දානය අවසාන වෙද්දී කලු සහ අලෙක්ස් විසින් අප තිදෙනා හට කෙසෙල් කොලේ ඔතා සකස් කර තිබූ බත් පාර්සලය බැගින් ලබා දෙන ලදී.

අපි මහලු නිවාසයේදිම කලූ විසින් සකස් කර තිබූ අපේ දහවල් ආහාරය ගත්තෙමු.  පිඟානකට බත් එකක් බෙදා ගත් මුණසිංහත් අප සමග කෑමට එක් වූවේය.

අප සමඟ සිටි අමුත්තා හීල් ඔයේ මුණසිංහ කලූ, ඇලෙක්ස් සහ ඔහුගේ දරු තිදෙනාත් නිම්මී සහ මා අතරත් වූ ප්‍රතම හමුවීම ඉතා කුලුපග එකක් බවට පත් කලේය.


(මගේ පාසැල් මිතුරා හීල් ඔයේ මුණසිංහ සහ අපේ කට්ටිය  වැඩිහිටි නිවසේ දී)


එවැනිම දෙයක් කල අනෙක් හපනා අපේ සුපුන්ය.

අලෙක්ස්ලා සමග හොඳ පුරුදු කාරයෙකු ලෙස හසිරුණු සුපුන් පෙර දිනක මේ හමුව  බිඳලන්නට උත්සාහ කල අයගේ උත්සාහය ව්‍යවර්ත කලේ කිසිදු අනුකම්පාවකින් තොරවය

සුපුන්ගේ උපන්දිනය "ලොකු පොඩි කවුරුත්"  සතුටු වුණ දිනයක් බවට පත් වුයේ අප කවුරුත් නොසිතූ පරිද්දෙනි. 



අපේ පුතා ඇලෙක්ස්, කලූ සහ ඔවුන්ගේ දරු දැරියන් සමග වැඩිහිටි නිවාසයේ දානයෙන් පසු 





8 comments:

  1. ගම්පහ නිලාන් හේවගේ දොස්තර මහත්තයවත් ආරුගම්බෙදි හම්බඋනා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔව්. එදා දානය ඉවර වෙලා මුණසින්හත් දාගෙන අපි වැල්ලවායට ගියා එතනදි නිලාන් එක්ක සෙට් වෙන්න බලන්.. ඒත් එයාලා බඹරකන්ද බලල එනකොට ටිකක් වෙලා ගියා. ඒ මිසස් නිලාන් ආරුගම්බේ දි තමයි අල්ලා ගත්තේ.

      Delete
  2. මිනිස්සු හා මිනිස්සු අකර තවත් මනුස්සයෝ.

    හැබැයි ඔයිට වඩා පහසුකම් අඩු ලමා නිවාස බොහෝමයක් තියෙනව ලංකාවෙ මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මද්දා මටත් ඒකයි ඕනෑ වුණේ කොහේ හරි ඉස්කෝලෙකට උදව් කරන්න. කටකතා තියෙනවා අපි ඉන්න වෙලාවට සපත්තු ටික ළමයි අතට දීලා පස්සේ ආපහු ඒවා ගන්නවා බලධාරීන් කියලත් . ඒ නිසා ගොඩක් අය කෑම බීම ලු දෙන්න කැමති

      Delete
  3. මොන වැඩේ කරන්න ගියත් ඒකට අකුල් හෙලන මිනිස්සු තාමත් අපි අතරෙ ඉන්නව. තමං යමක් කරගන්නෙත් නැතුව ඒ අය හැමදාම කරන්නෙ මිනිස්සු කොටෝන එක තමයි.

    සුපුන්ගෙ උපන්දිනේට කරල තියෙන දේ නං බොහොම අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කොහෙන් හරි බලන්නේ කට හරි බාල්දියක් දාන්න . අපි ගිහින් හිටියේ නිවාඩු ගතකරන්න වුණත් තව ඩිංගෙන් නිවාඩු "ලෙඩ නිවාඩු " වෙනවා. සුපුන් ගේ උපන්දින වැඩේ නැගලා ගියා

      Delete
  4. අම්බෝ නෑදෑයෝ.. :)) අතේ දුරටත් ටිකක් එහායින් තමයි තියාගන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. "ඇති ඈයෝ නැති ඈයෝ කාටත් නැති ඈයෝ" කියලා ප්‍රේමකිර්ති ලිව්වේ ඒකනේ

      Delete