Follow by Email

Sunday, 19 February 2017

මා ආ මගට පෙර වදනක් ( කුඩා කල මට හමුවු දොස්තරලා)



පසුගිය කාලපයෙන් 

මා මේ කියන්නට යන කතාව ගොඩනැගෙන්නේ මගේ ලමා කාලයත් තරුන කාලයත් අතර සිදුවු සිද්ධි දාමයක් මුල් කරගෙනයි.

මට දොස්තර වරයෙක් සමග මුලින්ම ගනුදෙනු කරන්නට ලැබෙන්නේ මට වයස හයක්-හතක් පමන වු කාලයකයි.

ඒ කාලයේ අපේ තාත්තා දුශ්කර සේවය නිසා නිවසින් බැහැර ගොස් සිටි අතර අප බලාගත්තේ අම්මා විසිනි.

මට හමුවු මුල්ම  දොස්තර 


ඒ නමසිය හැත්තැ හතේ වසරයි. ජේ. ආර්. ජය්වර්ධන මැතිතුමා රට භාරගත් අලුතම වාගේ දවසක්.

කුඩා දරු දැරියන් කිහිප දෙනෙක් සමග පැමිනි මවක් ඉස්පිරිතාලේ ලඟින් බස් එකෙන් බැස්සා.

ලමුන් ටිකත් ඇදගෙන ඈ මුලින්ම පිය නගන්නේ අසල ඇති හෙලමුදුනේ කඩයට"




මුදලාලි මට ශත විසිපහේ මුද්දර දෙකක් දෙන්න"

"ඇයි   නන්ගි පුතාලාට බෙනේත් ගන්නද? "

ඔව් මුදලාලි මේ ලමයින්ට තුවාල වගයක් හැදිලා .   ඒවා දැන් පැසවා ගෙන එනවා වගේ. "

මුද්දර ටිකත් රැගෙන ලඟ ඇති රෝහල වෙත පිය මනින ඇය බෙහෙත් ගන්න ආ රෝගින් සිටි පෝලිමට එකතු වුනා. 

 (ඒ කාලේ ආන්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්නට යද්දී ශත විසිපහේ මුද්දරයක් රැගෙන ආ යුතුය)


පෝලිම කෙලවරේ වෙන තැන  මේසයක  ඉන්නේ ඇටෙන්ඩන් නෝනා කෙනෙක්. 

මුද්දර ටික අතට ගත් ඇටෙන්ඩන් නෝනා හා කතාවට පිවිසෙන ඒ මව (අපේ අම්මා) 

"අද කවුද ඉන්නේ? ලොකු මහත්තයද? දෙවෙනි මහත්තයද?  යැයි ඇයගෙන් විමසා සිටියාය. 

"මේ වෙලාවේ ඉන්නේ දෙවෙනි මහත්තයා. 

ඩීඇම්මෝ මහත්තයා වෝඩ් රවුන්ඩ් ඉවරවෙලා තමයි ඔපීඩියට එන්නේ"

පෝලිම ටිකෙන් ටික කෙටි වී  ගොස් අප දැන් සිටින්නේ  වෛද්‍ය වරයා සිටින  ස්ථානයට  ආසන්නවය. 

එතනත් තව ඇටෙන්ඩන් කෙනෙකි. 

"ඔයාලගේ වෙලාව හොඳයි. මේ දැන් ඩීඇම්මෝ මහත්තයා වෝඩ් රවුන්ඩ් ඉවරවෙලා ආවේ."

අප පරික්ශා කල  දොස්තර මහතා අපේ තුවාල  ආසාධනය වී ඇති බවත්  ඒ හරහා වකුගඩු ආදියට හානි විය හැකි බවත් අම්මාට පැවසුවේය. 


"මේ ලමයින්ට ඉන්ජෙක්ශන් කෝස් එකක් දෙන්න වෙනවා"  

යැයි අම්මාට පැවසු ඔහු අප හට පෙනිසිලින් එන්නත නිර්දේශ කලේය. 


ඒ අනුව  මට හමුවු මුල්ම දොස්තර මහතා DMO  (District Medical Officer) කෙනෙක් වු අතර  රජයේ විශ්ව විද්‍යාලයක උපාධිය ලැබු MBBS වෛද්‍ය වරයෙක් විය. 

ඒ කාලේ අපේ ඉස්පිරිතාලේ ඔපීඩි එකේ ( Out Patient Department ) වැඩිපුරම හිටියේ  දෙවැනි මහත්වරුන්ය. 

ඔවුන් වාට්ටුවේ රොගීන් බැලුවේ  DMO නිවාඩු ගිය විට පමනි.  

රොහලේ බාහිර රෝගී අන්ශය පාලනය කල ඔවුන්ට  මහතාට වඩා රෝගින් සමග ගනුදෙනු කරන්නට අවස්තාව ලැබී තිබුනි.

රෝගීන් සමඟ තිබුන මේ සමීප බව නිසාම  ඊට කලින් අපේ ඉස්පිරිතාලේ සිටි දෙවැනි මහත්තයා රෝහල් සේවයෙන් ඉවත් වී සිටියේය. 

ඒ තමාගේම පුද්ගලික බෙහෙත් ශාලාවක් දමා ගැනීම සඳහායි. 

එසේ රජයේ සේවයෙන් සම්පුර්ණයෙන් ඉවත් වී හැත්තෑ ගණන් වලම අපේ පැත්තේ ප්‍රයිවෙට් කලේ පරන්ජෝති නම් ද්‍රවිඩ වෛද්‍ය වරයෙකි .

සාමාන්‍ය මිනිසුන්ට මේ දෙගොල්ලන්ම දොස්තර වරු වුවද මේ අයගේ වෛද්‍ය අධ්‍යාපණයේ මූලික වෙනස් කම් රාශියක් තිබේ. 

ඒ  ගැන කියන්නට පෙර මට හමුවු දෙවැනි දොස්තර ගැන කියවමු.

මට හමුවු දෙවැනි දොස්තර


මේ සිදුවිම් මාලාව වන විට මගේ වයස අවුරුදු දහයක්  හෝ එකොලහක්.

කුඩා කාලයේම වෙළ්ඳාමට හුරු වූ මම වෙසක් සැමරීමට සුදානම් වෙමිනුයි හිටියේ.

වෙසක් එකට මගේ ප්ලෑන් එක වුණේ වෙසක් කාඩ් කඩයක් දාන එක.

අපේ වත්ත පහලින් පාරේ යන සෝමෙගේ ලමයින්ට එහෙම වෙසක් කාඩ් විකුණන්නයි බලාපොරොත්තු වුණේ.

වත්තේ පල්ලැහැට ගිල මම  ටර්පන්ටයින් අත්තක් කපන්න ගත්තේ වෙසක් කාඩ් කඩේ වහලේ හරස් ලීයට දාන්න හිතාගෙන.

ලියේ උඩ දණහිස තියා ගත් මම ඒ කෙලවරට ගහපු වක් පිහිපාර කෙලින්ම මගේ දකුණු දණහිස පසාරු කළා.

මතකේ හැටියට එච්චර ලේ ආවේ නෑ.

මම වක් පිහියත් අතින් අරගෙන තුවාලයත් අතින් වහාගෙන කුස්සිය දිහාවට කන්ද නැග්ගා.

අඩිය තියන වාරයක් පාසා "චර චර" ගාමින් මගේ දණහිස සද්ද වෙනවා.

ලොකු තුවාලයක් තිබුණත් මට බයස් දැණුනේම නෑ.

"අම්මා මගේ කකුල කැපුනා"

දෙය්යනේ!!  ලොකු තුවාලයක්  නේ. චුටි පුතා උඹ මොනාද මේ කරගත්තේ?

තුවාලේ තරම දැක්ක අම්මා හොඳටම භයවුණා.

එතකොට වෙලාව හවස හය හමාරට විතර ඇති.

හරිනම් ඒ   වෙනකොට  තාත්තා වෑන් එකේ වැඩ ඉවර කරලා පුන්චිරාළ මාමලා කඩේට ඇවිත් ඉන්න ඕනේ.

"චුටි දුවලා ගිහිං බලපන් තාත්තා පුංචි රාළ මාමලා කඩේද ඉන්නේ කියලා.

ඉක්මනට එන්න කියපං මල්ලි ඉස්පිරිතාලේ ගෙනියන්න.

මේකා හුඟක් යටට කපාගෙන. ඉස්පිරිතාලේ නවත්තන්නත් වෙයිද දන්නේ නෑ . ඉක්මනට පලයන් ඔතන බලා ඉන්නේ නැතිව. "

අම්මා වහ වහා අක්කා වෑන් එක ගේන්න පිටත් කර යැව්වා.



ටික වෙලාවකින් පුංචි රාළ මාමලා වෑන් එකත් අරගෙන තාත්තා ආවා. ඉස්සරහ සිට් එකේ පුංචි රාළ මාමත් හිටියා.

දෙන්නම තරමක් අනුමත වී තිබුණු බවයි පෙන්න තිබුණේ.

"හා නගින්න නගින්න පුතා "  මාමා මාව ඉක්මන් කෙරෙව්වා.

"බලන්නකෝ අය්යා මේ කොල්ලත් කර ගන්න දේවල් .

ගියා මහා ලොකුවට වෙසක් කාඩ් කඩ දාන්න "

අම්මා  මගේ ඔළුව අතගාමින් පැවසුවා.

"ලොකු තුවාලයක් අය්යා . මෙයාට නම් ගාණක් වත් නෑ.  අච්චර දුරක් ඇවිදන් ආවනේ සද්දයක් වත් නැතිව

හිරිවැටිලා වෙන්න ඇති මයේ හිතේ "

 ඇය මම මෙතරම් ගැඹුරු තුවාලයක් තබාගෙන මීටර් 100-200ක් ඇවිදගෙන ආ එක ගැන පුදුම වෙමින් පැවසුවා.

" හරි අපි යන් එහෙනම් . නංගි එන්න ඕනේ නෑ . අපි දෙන්නා ගිහින් එන්නම් "

පුංචි රාළ මාමා අම්මාට පවසනවාත් සමගම ඩෙලිකා එක නගරය බලා පිටත් වුණා.

හෙලමුදුන ඉස්පිරිතාලේ ලං වෙද්දී  පුංචි රාළ මාමා තම හඬ අවදි කළා.

"දොරේ අපි පරන්ජෝති එකට යන් . දැන් ඉස්පිරිතාලේ ගියොත් ඔතන ගොඩක් වෙලා බලන් ඉන්න වෙනවා.

මහත්තයා තව ටිකක් රෑ වෙනකන් දිස්පැන්සරියේ ඉන්නවා"

තාත්තාත් කිසිත් නොකියා තම හාම්පුතාගේ අදහසට එකඟවෙමින් වෑන් එක නගරය බලා ධාවනය කළා.

පුංචි රාළ මාමා ලොකු මුදලාලි කෙනෙක් නිසා ඒ කාලේ බෙහෙත් ගත්තේ පරන්ජෝති එකෙන්.

ඒක  ඉස්සර ඉස්පිරිතාලේ හිටපු පරන්ජෝති කියන දෙවැනි මහත්තයා ගේ බෙහෙත් සාප්පුව.

"ඉන්න දොරේ මම මහත්තයා ඉන්නවද බලලා එන්නම් "

බෙහෙත් සාප්පුව ලඟට ගිය සැණින් පුංචි රාළ මාමා ඉස්සර වුණා.

මමත් තාත්තාත් වෑන් එකට වෙලා ඉන්නවා.

"දොරේ මහත්තයා නම් ඉන්නවා. හැබැයි ටිකක් බීලා ඉන්නේ .

 පුතා එක්කං එන්න කිව්වා බලන්න."

මාමා ගේ හිතවත් කම නිසා දොස්තර මහතා මා බලන්නට එකඟ වූ සෙයකි.

තාත්තාත් මමත්  මාමා පසුපසින් පරන්ජෝති එක ඇතුළට ගියෙමු.

"කෝ වාඩි වෙන්න බලන්න " දොස්තර මහතා මා පරික්ෂා කරන්න පටන් ගත්තා.

" පිහියේ තුඩ නේද වැදුනා කිව්වේ?

ටිකක් ඇතුළට කැපිලා.  මේකට මැහුම් දාන්න වෙනවා.

ලෝකල් දිදී ඉන්න ගියොත් තවත් රිදෙනවා. අපි මෙහෙම්මම මහලා දාමු "

දොස්තර මහතා අමු අමුවේම මගේ තුවාලය මහන්නයි සුදානම.

"මිසී ඔය සුචර් ට්‍රේ එක ලැස්ති කරන්න.  ලෝකල් ඕනේ නෑ "

තාත්තාගේ  හෝ මාගේ විරෝධයක් නැති බව දුටු ඔහු වැඩට බැස්සා.

මතක හැටියට පරන්ජෝති බැලුවේ තුවාලේ ගැන විතරයි.

 රුධිර සැපයුම ,ස්නායු හෝ පේශි ක්‍රියාකාරිත්වය වැනි දේවල් චෙක් කිරීමක් පරන්ජෝති අතින් සිදු වුණේ නෑ.

මගේ නහයට ඔහුගේ මුවින් පිටවන මධ්‍යසාර ගඳ වහනය වෙද්දී  ( මින් යම් තරමක නිර්වින්දනයක්  සිදුවන්නට ඇති )  පරන්ජෝති  ජරබර ගා මගේ තුවාලය මැහුම් හතරකින් වසා දැම්මා.

තම ඉදිකට්ටට ලොකු බයිට් එකක් නොගත් ඔහු මැහුම් දැම්මේ සමේ උඩම ස්ථරයට පමණයි.

  මෙය  සනාථ වුයේ සති කිහිපයක් ගත වෙද්දී තුවාලය සනීප වුවද මගේ දණහිස කොට්ට ගෙදයක් මෙන් ඉදිමෙන්නට ගැනීමත් සමගයි.

මැහුම් දැමීමෙන් පසු බෙහෙත් කරල් තොගයක්  මට ලියා දුන් ඔහු මැහුම් කපන්නට දවස් හතකින් එන ලෙස පවසා අප පිටත් කලා.

"රුපියල් එකසිය පනහයි . " ගාණ කියද්දී තාත්තා උඩ ගිය බව පෙනුණත් පුංචිරාළ මාමා ඔහුගේ බිය තුනී කලේ

"දොරේ මම බිල ගෙවන්නම් " කියමින්.

කාලය ගෙවී ගොස් තුවාලය වියලුනු අතර පරන්ජෝති මහතා මැහුම් කැපීමෙන් පසු අපි ඔහුගෙන් ඉවත් වුණා.

එහෙත් මගේ දකුණු දණහිස වමට වඩා ඉදිමෙන්නට පටන් ගත්තා. ලොකු කැක්කුමක් තිබුණේ නැති නිසා මම පුරුදු පරිදි පාසල් යන්නත්  ගොවි තැන් වැඩ කරන්නත් පටන් ගත්තා.

ඉදිමුම පෙනන්න ගියේ තවත් දොස්තර මහත්තයෙක් ලඟට ඒ  අපේ පැත්තේ MOH (Medical Officer of  Health)මහත්තයා ඔහුගේ නිලනිවසේ ගරාජයේ කල ප්‍රයිවට් එකට.

සතිපතා ඔහු ලඟට යන අපට බෙහෙත් කරල් පොදියක් (amoxcyllin සහ cloxacillin) දෙන ඔහු

"මේ බෙහෙත් ටික බීලා බලමු ඉදිමුම් බහියි"කියමින් අප අස්වැසුවා.

මාස දෙක තුනක් ගිය තැන ඉදිමුම අඩු නැති නිසා තාත්තා මාව බදුල්ලේ central එකට අරන් ගියේ ස්ර්ජන් කෙනෙකුට පෙනන්න.

"මේක  අයින් කරන්න ඕනේ.  හෙට සර්ජරි එක කරනවා අද 18 වාටුවට ඇතුල්වෙන්න"

මගේ දණහිස  පරික්ෂා කල ස්ර්ජන් මහත්තයා පැවසුවා.

මගේ වර්තමාන දැනුම අනුව සිද්ධිය මෙසේ සම්පිණ්ඩනය කල හැකියි. :

දණහිස අවට ඇති පටක වර්ග , සම සහ අනිකුත් ස්තර ගැන කිසිදු අවභෝදයක් නොතිබූ පරන්ජෝති

(ඇපොතිකරි පාඨමාලවට  ගොඩක් human anatomy උගන් වන්නේ නැත)  යටින් ඇති ස්තර සියල්ල අමතක කර  හමේ ඉහල ස්ථරය පමණක් මසා තිබේ.

එහෙත් මගේ වක් පිහි පහර කෙලින්ම දණහිස් සංදියේ ඇති  ලසිකා පටලයද සිදුරු කර හංදිය තුලටම ගොස් තිබේ.

මට ඇතිවී තිබුණේ එම පටල අතර ලේ එකතු වීම නිසා ඇතිවූ joint effusion එකකි.

මගේ වෙලාවට එය ආසාදනය නොවී තිබුණි.

 MOH දුන් ප්‍රතිජීවක එම ආරක්ෂාවට හේතුව වුවද  නිට්ටාවටම සුව වීමට අවශ්‍ය ශල්‍යකර්ම ගැන MOH වත් සිතුවේ නැත.

හංදිය අසාදනය වී septic arthritis නම් තත්වයට ගියා නම් අද මෙය ලියන්නට කවිඳු කෙනෙක් නැත.


කව්ද මේ දෙවැනි මහත්වරු (ඇපොතිකරි වරු ) ?

මා දන්නා හැටියට දෙවනි මහත්වරු හෙවත් AMP වරු තෝරාගත්තේ  උසස් පෙළ වැඩ 3ක් සමත් අයගෙනි.  

මැතිවරණ කොට්ටශයකින් එක් අයෙක් මේ සඳහා බඳවා ගත් අතර ඔවුන්ට අවුරුදු දෙක හමාරක පුහුණුවක් ලබා දෙන ලදී. 

මගේ මතකය නිවැරදි නම් ඔවුන් පුහුණු කෙරුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයකයිනි. 

සමන්තත්  සමග උසස් පෙළ කල ඔහුගේ පන්ති සගයෙක් 1984 දී අපේ ගමෙන්  AMP කෝස් එකට තේරුණා මතකය. 

ඒ කාලේ අපේ සමන්ත කිව හැටියට  (උසස්පෙළ ප්‍රතිඵල මේඩිසින් යන්න මදි වේවි යැයි සිතු සමන්තද  AMP ට්‍රයි කලා මට මතකය)  පළාතේ මන්ත්‍රී තුමාගේ අත්සන මේ අයදුම් පත්‍රයට අත්‍යවශ්‍ය විය.

ඒ අනුව ශ්‍රී ලංකා කාරයකු වූ සමන්තට නොලැබුණු මන්තී‍්‍ර අත්සන ආර්. ඇම්. අප්පුහාමි මහතා ගෙන් ලබා ගත් සුමින්ද අය්යා අපේ පළාතෙන් AMP කෝස් එක කරන්නට ගියේය.  (සුමින්දට තිබුණේ වැඩ හතරකි).

සුමින්දට වඩා හොඳ ප්‍රතිඵල ගත් අපේ සමන්ත පේරාදෙණියේ රජයේ විශ්ව විද්‍යාල උපාධිය සඳහා තේරුණේ අප කාගේත් සිත් සතුටු කරමිණි. 

මේ AMP වරු තේරෙන ක්‍රමය ගැන එක් කතාවක් පමණි. 

ඊට පෙර වසරක අපේ පැත්තෙන් AMP ගොස් තිබුණේ  ශ්‍රී ලංකා එකේ ප්‍රභල සාමාජිකයෙකු ගේ පුත් රුවනකි ( පසු කලෙක එම ශ්‍රී ලංකා සාමාජිකයා ඌව පළාත් සභා මන්ත්‍රී කෙනෙක් වුණා මට මතකය ) 

පැවති රජය යුඇන්පී වුවද තාත්තගේ සම්බන්ධ කම් හරහා මේ කියන තැනැත්තා  AMP යන්නට ඇත. 

මුල් කාලයේ වතු දොස්තර වරු ලෙසත් , පසුව රෝහල් බාහිර රෝගී අංශ වලත් සේවය කල මේ AMP වරු පසුකාලීනව  පුද්ගලික අංශයට  හෝ ත්‍රිවිධ හමුදා ආදියට අනුයුක්ත වුහ. 

මම පේරාදෙණිය වෛද්‍යපීටයේ උගන්වන කාලය වනවිට AMP පාඨමාලව නවතා දමා තිබිණි. 

ප. ලි. 

බ්ලොග්, මුහුණු පොත් ආදියේ හෝ ඔබ අපට එදිනෙදා හමුවන "දොස්තර මහතුන්"අතර AMP මහත්වරු වේ නම් ඒ අය 

මේ පරන්ජෝති මහතා වැනි සහ  මන්ත්‍රී චිට් වලින් අපේ ගමෙන් ගිය අය්යලා දෙන්නා වැනි අය  විය හැකි බවද/ සමහර විට එසේ නොවිය හැකි බවද කරුණාවෙන් සලකන්න.

ඊලඟ  කොටස මෙතනින් 

27 comments:

  1. ඔය AMP නමේ MP කියන්නේ Member of Parliament නේද?

    ʘ‿ʘ

    ReplyDelete
    Replies
    1. නෑ රසික . AMP= Assistant Medical Officer

      Delete
    2. associated with MP as you read from my post

      Delete
  2. /*..... සාමාන්‍ය පුරවැසියෙක් ලෙස මට හමුවු .....*/

    ඒ කෑල්ල නම් හරිම LoL සහගතයි. දැන් කවිඳු අසාමාන්‍ය පුරවැසියෙක් ද? නැතිනම් සුවිශේෂී පුරවැසියෙක් ද?

    අන්තර්ගතයට අනුව එය වඩා හොඳින් මෙලෙස ලියන්නට තිබුණා.

    .....රෝගියෙකු ලෙස මට හමුවු....

    තවත් දොස්තර කෙනෙකු හමුවුනා නේද බදුල්ලේ සිට ඇම්බියුලන්ස් එකෙන් එද්දී?

    ReplyDelete
    Replies
    1. මම මෙතන රෝගියෙක් හරි ළමයෙක් හරි කියලා ලියන්න තමයි හැදුවේ. ඔච්චර වචන විච්ච්දෙනය කරන්නේ නෑ මම ලියද්දි .. ඔහේ ලියවෙන්න ඇති. අදහස LOL ම LOL වගේ නම් වෙනස් කරන්නම් . මම ලියද්දි ව්‍යංග අර්ථ තියලා ලියන්නේ නෑ. බලන සමහරු එහෙම හිතුවට.

      Delete
    2. ඔව් .. ඔව් දොස්තර කෙනෙක් මට පාර්ට් එකක් දැම්මා අම්බුලන්ස් එකෙන් බහින්න කියලා එතකොට මම මේ ඔපරේෂන් එකෙන් පස්සේ ටිකට් කපලා ගෙදර එනවා.

      Delete
  3. ඒක තමයි ඒ තුනක් ගන්න ඕන දොස්තර කෙනෙක් වෙන්න. ඉසෙඩ් ස්කෝර් එක තියෙන්නත් ඕන.. එව්වා තිබ්බට වැඩක් නෑ අනේ.. රජයේ වෛද්‍ය විද්‍යාලයකින්ම කෝස් එක කරන්න ඕන.. සයිටම්..? ඔව් ඒව්වා වැඩක් නෑ එස් තුන ගත්ත එවුන්..

    ReplyDelete
    Replies
    1. දේශක මම මෙතන 3A අදහස් කලේ නෑ.. ඔතන සමන්තගේ රිසල්ට් එක 4A ( ඒ කාලේ ) තිබුණේ නෑ. බදුල්ලෙන් ඒ දවස් වල 2C 2S වුනත් ඇති. දිස්ත්‍රික් ක්‍රමය නිසා. අපි ආවෙත් දිස්ත්‍රික් ක්‍රමෙන් . මේ කතා පෙළ ඉදිරියට කියවන්න . නිම්මි කෑගල්ලෙන් මට වඩා ලකුණු තුනක් අරන් Agri select වෙද්දී මම 1B 3C වලින් බදුල්ලෙන් මෙඩිසින් එන එක ගැන නිම්මි මාත් එක්ක වාද කරනවා. නිම්මි රුසියාවේ මෙඩිසින් කරන්නත් සිලෙක්ට් වෙනවා කොමියුනිස්ට් පක්ෂේ හිතවත් කෙනෙක් හරහා .. ඒ පොස්ට් එක ඉදිරියේදී ලියවෙයි. මෙතැන ස්යිටම් කතාවක් නෑ. මගේ පුද්ගලික විශ්ව විද්‍යාල ගැන තියන මතය GMOA මතය නෙවෙයි. ලින්ක් එකක් හොයද්දි අපොතිකාරී වරු ගැන මේ ලින්ක් එක ආවා ඒකයි දම්මී. මම කලින් පොස්ට් එකේ කිව්වා වගේ යාලුවෙක් , නෑදෑයෙක් දෙන්නෙක් දොස්තරලා හිටියා කියලා සියල්ල ඔබට තේරෙන්නේ නෑ. මේ පොස්ට් සිරිස් එක කියවන්න කියලා මම යෝජනා කරනවා. ඉවර වුනාම කතා කරමු වැඩිපුර

      Delete
  4. " සාමාන්‍ය පුරවැසියෙක් ලෙස මට හමුවු දොස්තරලා "


    ඇයි මුන් අමුතු සත්තු ජාතියක් ද ?

    ReplyDelete
    Replies
    1. //මම මෙතන රෝගියෙක් හරි ළමයෙක් හරි කියලා ලියන්න තමයි හැදුවේ. ඔච්චර වචන විච්ච්දෙනය කරන්නේ නෑ මම ලියද්දි//

      Delete
    2. "අමුතු සත්තු වගේ හැසිරෙන දොස්තරලා මට ළමා කාලෙත්, medical student කාලෙත් , දැන් වුනත් ලංකවේ ගිය වෙලාවටත් හමුවෙනාවා, වෙලා තියෙනවා. මගේ පරණ පොස්ට් වල ලියලත් තියෙනවා.

      Delete
  5. මට මේක කියද්දී කතාවක් මතක් උනා.. ඒ 87 අවුරුද්දේ මම කන්දකැටිය ඉස්කෝලේ යද්දී වැට මායිමේ තිබුණු පැපොල් ගහක නැගල ඇදගෙන වැටුන වැටට ගහල තිබ්බ කටු කම්බි ගොඩක් උඩට.. දකුණු කකුලේ යටි පතුල සම්පුර්ණයෙන්ම තුවාල වෙලා කන්දකැටිය ඉස්පිරිතාලේට අරන් ගියේ.. යනකොට ඒකෙ හිටපු දොස්තර බිලා. AMP කෙනෙක් වෙන්න ඇති කියල හිතෙනවා දැන් නම් :) තුවාලෙට බෙහෙත් දාල එව්වා ඔය වගේම.. සුමානයක් විතර යනකොට මට කකුල නිකමටවත් පහලට හරවන්න බෑ.. රිදෙනවා ඉදිමිලා.. අම්ම තුවාලේ ලිහල බැලුව.. අම්මෝ.. ටින් කිරි ටින් එකක් කැඩුව වගේ සැරව.. එහෙමම බදුල්ලේ ගෙනියල ඉන්ජෙක්ෂන් ගහල බෙහෙත් දාල තමයි සනීප උනේ.. :)

    ReplyDelete
    Replies
    1. ඒ ගමම්ම වෙන්න ඇති මොලේටත් හානි වෙන්න ඇත්තේ.. ඉන්ජෙක්සන් ගහන්න බැරි උනානේ කකුලට වගේ???

      Delete
    2. කන්දකැටියේ ඒ කාලේ ඉන්න ඇත්තේ දෙවැනි මහත්තුරු තමයි. ඔය කාලේ අපේ ගමේ හිටපු සුරසේන මාමා වැඩ කලේ මහියංගණේ දිහා . එයාට ගමේ අය දොස්තර කියලා තමයි කිව්වේ . එයා හොඳට ඇඳලා පලන්දලා වැඩට යනවා අපි ඉස්කෝලේ ගිය බෙල්ගන්වැව බස් එකේ සඳුදා උදේට ඉස්සර. සුරසේන මාමා ඇත්තටම මහියංගණේ පැත්තේ කොහේ හරි දොස්තර කියලා බෙහෙත් දීලා හැබැයි එයා ඊට කාලෙකට ඉස්සර දොස්තර කෙනෙක් ළඟ බෙහෙත් දෙන්න ඉඳලා තියෙනවා එච්චරයි පස්සේ ගමේ අයට දොස්තර වුණා. මහියංගණේ ඩි "දොස්තර නිසා" මෙහෙම අයට තමයි QUACKSලා කියන්නේ. මම ඉදිරියේදී "බඩ හිතල වෙන" QUACK කතාවක් ලියන්නම් මම කොළඹ ඉන්ට්‍ර්න් කරද්දී දැනගන්නට ලැබුණු.

      Delete
    3. ඔය අපේ ගමේ ඉස්පිරිතාලේ ගිය වෙලාවේ අපිට පෙනිසිලින් ගහලා ඇරියා කිසි බයක් නැතිව. දැන් කාලේ එහෙම බාහිර රෝගීන්ට පෙනිසිලින් විදින්නේ නෑ අසාත්මික වෙන්න පුළුවන්/ ඒ නිසා භයානක ප්‍රතිෆල / ජිවිත හානි පවා වෙන්න පුළුවන් නිසා.

      Delete
    4. ලිඛිත ඒ කාලේ උන්නේ පැපොල් ගහෙන් අල්ලපු වැටේ නේද? මට තාම මතකයි ඔය මොංගල් ගතිය ඒ කාලෙත් තිබ්බ.. හැක්.. :)))))))

      Delete
  6. දැනටත් ලංකාවෙ හොර දොස්තරවරු 20000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවයි කියන්නෙ.. එහෙව් එකේ ඒ කාලෙ ගැන කවර කතා ද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස්.. ඔව් ඔව් ඔව හොර දොස්තරවරු අතර අපේගමේ සුරසේන මාමා වගෙ හිටපු රොහල් කම්කරුවෝ , ඇටෙන්ඩන්ලා වගේම ඇත්ත දොස්තර ලා සමග පොඩි පොඩි සම්බන්ද කම් තිබි යන්තම් බෙහෙත් ගැන් දැනගත් උදවිය එහෙම ඉන්නවා. දොස්තරලා දෙතුන් දෙනෙක් හඳුනා ගත් පමණින් වෛද්‍ය අධ්‍යාපන්යේ කෙළ පැමිණුනා යැයි සිතා සිටින අපේ සමහර බ්ලොග් ලියන අය වගේ

      Delete
  7. ලියූ කොමෙන්ටුව කෑ ඇටසලාට් සමාගමට මාගේ පුඥ්ඥානුමෝදනාව!

    අපේ රටේ මකබාස්ලා වැඩිය. තමුං නොදන්නා දේ කොරන්නට යන මකබාස්ලා අතර පරන්ජෝති වැනි මක දොස්තරලාද ඉන්නට පුළුවන. ඒ මනුස්සයා තමුන්ට බැරි දේ නොකර හරි තැනට යොමුකලා නම් හරිය.

    දැන් ලංකාවේ ඉන්නා දොස්තර මුදලාලිලාද එසේය. ඔවුන්ද තමුන් ගාවට එන ලෙඩෙක් කිසිදාක වෙනත් තැනකට යවන්නෙ නැත. ඔවුන් සර්ව රෝග විශේෂඥයෝය. හැබැයි එහෙම නොයවන්නේ තමුන්ගේ අති මානය නිසා නොවෙයිය. ලෙඩා වෙන තැනකට යවා සනීප කලොත් තමුන්ට හුලං බැවිනි. තමුන්ට සනීප කරන්න බැරි ලෙඩුන්ට එක එක ජාතියේ බෙහෙත් දෙමින් සතිපතා තමුන් ළඟට ගෙන්වා ගන්නා මේ දොස්තරවරු අන්තිමට ඒ ලෙඩාගේ ජීවිතේ අකාලයට විනාස කර දමන්නේය.

    අපේ මිනිස්සුත් පුන්චිරාල මාමාට එහාය. ඉංගිරිසි අකුරු තුනේ හයිබිඩ්ඩෙයක් ඩිස්පැන්සරේ ගාව නවත්තලා තියේ නම් ආන්න දොස්තර හොඳය. එතැනට සූ ගාලා සෙනග එනවනං තවත් හොඳය. බෙහෙ.් පෙති ගොඩාක් දෙනවා නං තවත් හොඳය.

    අන්තිමට කියන්න තියෙන්නේ කොයි රස්සාවත් හරියට කරන අය ඉන්නවාය. ඒ වගේම දුෂ්කර රෝහල වල සේවය කරන දොස්තරවරු වරියෝ බොහෝය. හැමවිටම එවැනි තහ්නාවක් නැති මිනිස්සුංව දුෂ්කරටම යවා තැබීමට දොස්තර මුදලාලිලාද දක්ෂය. ඒ හංදා ඒ වගේ ගුණයහපත් අයට මේ අදහස් දැක්වීම අදාල නැතිය.

    මෙහි අක්ෂර වින්‍යාස, යතුරු ලියන දෝෂ, වචන භාවිතයේ දෝෂ තිබිය හැක. සෝදුපත් බැලුවේ නැත.

    ReplyDelete
  8. ස්තුතියි ශ්‍රන්ග...//දැන් ලංකාවේ ඉන්නා දොස්තර මුදලාලිලාද එසේය. ඔවුන්ද තමුන් ගාවට එන ලෙඩෙක් කිසිදාක වෙනත් තැනකට යවන්නෙ නැත. ඔවුන් සර්ව රෝග විශේෂඥයෝය. හැබැයි එහෙම නොයවන්නේ තමුන්ගේ අති මානය නිසා නොවෙයිය. ලෙඩා වෙන තැනකට යවා සනීප කලොත් තමුන්ට හුලං බැවිනි.
    තමුන්ට සනීප කරන්න බැරි ලෙඩුන්ට එක එක ජාතියේ බෙහෙත් දෙමින් සතිපතා තමුන් ළඟට ගෙන්වා ගන්නා මේ දොස්තරවරු අන්තිමට ඒ ලෙඩාගේ ජීවිතේ අකාලයට විනාස කර දමන්නේය.// මේ වගෙ දොස්තර මුදලාලිලා ඉන්නවා වගේම තමන් ලඟට එන තමන්ගේ වපසරියෙන් එහා දැනුමැත්තෙකු දැකිය යුතු ලෙඩ්ඩු තමන්ගේ වියදමෙන් ඒ තැන්වලට යොමු කරපු ජීවක කුලයේ දොස්තරවරුත් අපේ හිතවතුන් අතර ඉන්න බව කියන්න ඕනේ.

    එහෙම කෙනෙක් හිටියා ඉස්සර මහියණ්ගනය පැත්තේ. ඩොක්ටර් බණ්ඩාර කියලා. බණ්ඩාර අපේ වයසෙම පේරාදෙනියෙන් අවුට් වුණ කෙනෙක්. ඔහු හසලක ඉඳලා සතියට සැරයක් වෑන් එකක් පුරවල එහෙම ප්‍රතිකාර අවශ්‍ය අය නුවර, පේරාඩෙණි එවනව තමන්ගෙ වියදමෙන්

    ReplyDelete
    Replies
    1. //ඔවුන් සර්ව රෝග විශේෂඥයෝය. හැබැයි එහෙම නොයවන්නේ තමුන්ගේ අති මානය නිසා නොවෙයිය. ලෙඩා වෙන තැනකට යවා සනීප කලොත් තමුන්ට හුලං බැවිනි. තමුන්ට සනීප කරන්න බැරි ලෙඩුන්ට එක එක ජාතියේ බෙහෙත් දෙමින් සතිපතා තමුන් ළඟට ගෙන්වා ගන්නා මේ දොස්තරවරු අන්තිමට ඒ ලෙඩාගේ ජීවිතේ අකාලයට විනාස කර දමන්නේය.// මෙහෙම කටන දොස්තරලා බිස සිදු වු අණුවෙදණීය සිද්ධි ( අපේ ලඟම හිතවතුනටා මම අත්දකිමෙන්ම දන්නවා. ඒවා මග හැර ගන්න හොඳම ක්‍රමේ තමයි ලෙඩා තමන්ගේ ලෙඩේ ගැන දැනුවත් වෙන එක , "ගුග්ල් ඩොක්ට" කෙනෙක් වෙන එක වටින්නේ මෙහෙම පිස්සු කෙලින දොස්තරලා ලඟට යන අයට තමයි

      Delete
  9. කටන දොස්තරලා බිස //කරන දොස්තරලා නිසා// ලෙස වෙනස් විය යුතුයි

    ReplyDelete
  10. ආශාවෙන් කියවමි .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. වෙලාව ඇති විදිහට ලියන්නම්. ගොඩක් දෙනෙකුට (විශේෂයෙන් විදේශ ගත වෙන්න සිතා සිටින වෛද්‍ය වරුන්) ප්‍රයෝජනවත් විය හැකි නිසා මෙහේ ලියාපදිංචි වීමේ පටිපාටිය ලියනවා මුලින්ම . ඊට පස්සේ ලංකාවේ දොස්තර විස්තරත් එකතු කරන්න ඉන්නේ

      Delete
  11. මම හිතන්නේ අපොතිකරිලා හොඳයි පොඩි පොඩි අසනීප වලට. ඒ කාලේ හැටියට ප්‍රශ්නයක් නැහැ. දැන් වෛද්‍ය විද්‍යාළමා හුඟක් තියන නිසා ඒ අයගෙන් වැඩක් නැහැ මම හිතන්නේ. නර්ස් ලට ටිකක් වැඩිදුර පුහුණුවක් දුන් නම් හරි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අපොතිකරිලා, නර්ස්ලා, අනෙකුත් සුදුසු සෞඛ්‍ය සේවකයින්ට තමන් කැමතිනම් වෛද්‍ය විද්‍යාල වලට ඇතුල් විය හැකි ක්‍රමයක් ( Graduate entry medical degree program ) වගේ හැදුවානම් වටිනවා ලන්කාවේ.

      Delete